නිළියකට මාර සැළකිළි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-23-ent-18කළුතර පැත්තේ ටෙලිනාට්‍යයක් රූපගත කරන්න ඒ පළාතෙන් හොඳ ගෙයක් කුළියට ගත්තලු. ඒ විශාල නිවසෙ කාමර දෙකක් හැර අනික් ඒවා ටෙලියට පාවිච්චි කරන්න පුළුවන්. අර කාමර දෙකේ ඉන්නේ ගෙදර අයිති නෝනයි එයාගේ දුවයිලු.

මේ ටෙලියෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන තරුණ නිළිය කතාවෙ හැටියට බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. උදේ පහට මේකප් දාගෙන බඩත් දාගෙන එයා වැඩ කරනවා.

කෑම කන වෙලාවට අර ගෙදර අයිති නෝනා මෙයාට එයාගෙ කාමරේට කතා කරලා විශේෂ කෑම බීම කන්න දෙනවලු. නිළියට ගාණකුත් නැහැ, එයත් හොඳට සප්පායම් වෙනවා. සතියක් විතර ගියාට පස්සෙ තමයි අර ගෑනු කෙනාට තේරිලා තියෙන්නෙ මේ නිළියට ඇත්තට බබෙක් හම්බවෙන්න නැහැයි කියලා.

 

DESHAYA