පචේ මාට්ටු.....



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-267ඔහු ටික කාලයක් චිත්‍රපට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ලොකු මුදලක් යට නොකර චිත්‍රපට හදන්න මොහුට තියෙන්නෙ මාර හැකියාවක්. ඒත් ඒ චිත්‍රපට දුවවන්නනම් ලේසි නැහැ. ඒ කොයි හැටි වෙතත්, මෙයාට එක චිත්‍රපටයක් ඉවරවෙනවත් එක්ක තව නිෂ්පාදකවරයෙක් කොහෙන් හරි සෙට් වෙනවා.

ඔන්න එයාගෙ අලුත් තිරකතා පිටපත අරගෙන ගියාලු අලුත් නිෂ්පාදකවරයෙක් හම්බවෙන්න. කතාවෙ සාරාංශයයි, ලැබෙන ලාබයයි, අනිත් විස්තර ටිකයි නිෂ්පාදකට පැහැදිලි කරලා කිව්වලු.එතකොට මේ ලව් ස්ටෝරි එකට කාවද දාන නළු නිළි ජෝඩුව? නිෂ්පාදක ඇහුවලු.

අධ්‍යක්ෂකවරයා එකපාරටම ලංකාවෙ ජනප්‍රියතම නළු නිළි ජෝඩුවකගේ නම කිව්වලු. නිෂ්පාදකවරයා පුදුම වුණාලු.පුදුම වෙන්න දෙයක් නැහැ, ඒ දෙන්නටම මම කතාව කියලා කැමති කරවගෙන තියෙන්නෙ. වැඩේ පටන්ගන්න එක තියෙන්නෙ ඔබතුමාගෙ අතේ, අධ්‍යක්ෂ කිව්වලු. පහුවදා නිෂ්පාදකවරයා අධ්‍යක්ෂට දුරකතනයෙන් කතා කළාලු.

අයිසෙ මට ඊයෙ බොරුවක්නෙ කිව්වෙ. අර කියපු නළුවා මට අද උදේ හම්බවුණා. ඔයා මේ ෆිල්ම් එක ගැන වචනයක්වත් කතා කරලා නැහැනෙ.. එයාට මේ අවුරුද්දෙ දිනත් නැහැ.මේකයි කතන්දරේ... මගේ ඔළුවෙ තියෙන්නෙ මේ දෙන්නා. දැන්ම කියන්න ගියොත් සමහරු ඔළුවට විෂබීජ දාන්න ඉඩ තියෙනවා, ඔහු ගොත ගහමින් කිවවලු.විෂබීජ තියෙන්නෙ ඔයාගෙ ඔළුවෙද කියලා චෙක් කරගන්න. හීන ලෝකවල ඉඳලා නළු නිළියො තෝරලා මගෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සල්ලි ඉල්ලන්නනම් එන්න එපා. 

 

DESHAYA