පරණ නළුවන් දන්නැති අලුත් නළුවෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-97වත්මන් පරපුරේ නළු නිළියෝ පැරැණි, ප්‍රවීණ කලා ශිල්පීන්ට ගරු නොකරන බවට චෝදනාවක් තිබෙනවා.

ඒත් පහුගිය දවසක එක්තරා වැඩසටහනක් අතරතුර සිදුවූ සිදුවීමකින් පසුව නව පරපුරට දොස් කීමට පෙර යම් යම් කාරණා ගැන අවබෝධයක් තිබිය යුතු බව පැහැදිලි වුණා.එම වැඩසටහන අතරතුර සුහද තරගයක් පැවැත්වුණා.

නවක නළුවෙකුට පෙන්වන පින්තූර ඔහු හඳුනාගත යුතුව තිබුණා. අලුත් නළුවා ජනප්‍රිය පැරැණි සිනමා නළුවෙකුගේ පින්තූරයක් පෙන්වූ කල උඩ බිම බැලුවා.බොහෝ අය සිතුවේ නවක නළුවා, උත්තරය දැනගෙන බොරුවට අගය කරමින් සිටිනවා කියලා.

ඒත් අවසානයේදී සත්‍ය කාටත් පැහැදිලි වුණා. අපේ ජනප්‍රිය පැරැණි නළුවා කවුදැයි මේ අලුත් නළුවා දැන සිටියේ නැහැ.

 

DESHAYA