පිටින් පොෂ් - ඇතුළ හිස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-12-ent-91අපේ කලා ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් හමුවුණාම ඒ අයට කියන්න තියෙන ලොකු දුක්ගැනවිල්ල තමා නව පරපුරේ බොහෝ දෙනෙකුගේ ක්‍රියාකලාපය හා කැපවෙන්න තියෙන අකමැත්ත. එහෙම නොවන අයත් ඉන්න බවත් මෙහිදී මතක් කරන්නට ඕනෙ. අතිදක්ෂ සහාය අධ්‍යක්ෂකවරයෙකුගෙන් අපි මේ ගැන ඇහුවම, ප්‍රවීණ රංගන ශිල්පීන් හා නවක රංගන ශිල්පීන් අතර ඔහු දකින වෙනස ලස්සනට විග්‍රහ කළා.

දැන් ප්‍රවීණ නළුවෙකුට වෙලාවක් දීලා ඔහුව දර්ශන තලයට ගෙන්වාගන්නට වාහනයක් යැව්වම, ඔහු ඊට මිනිත්තු 15කට විතර කලින් ලෑස්තිවෙලා සරලව ඇඳ පැළඳගෙන ඇවිත් දර්ශන තලයෙදී අවශ්‍ය මේකප් එහෙම දාගෙන චරිතයට ආරූඪවෙලා තමන්ගෙ රංගන දායකත්වය උපරිමයෙන්ම ලබාදෙනවා. විවේක වෙලාවකදී පොතක් පතක් කියවනවා, නැත්නම් කා එක්ක හරි සුහද කතාබහක යෙදෙනවා. වැඩේ ඉවරවෙලා කිසිම කලබලයක් නැතුව ආපහු යනවා.

දැන් ඉන්න අලුත් පරපුර එහෙමද? එයාව ගන්න ගෙදරට වාහනේ යැව්වම එයා වාහනේට එන්නෙ පැයකට පස්සෙ. ඒ එන්නෙත් ෆෝන් එක කනේ ගහගෙන. දර්ශන තලයට එන්නෙත් ෆෝන් එක කනේ ගහගෙන. රඟපාන්න ගියාම හොඳට නානවා. දෙන්න පුළුවන් වද ටික සේරම දීලා ෆෝන් එක කනේ ගහගෙන ආපහු යනවා. ඒ ජීවිත හරිම හිස්. පොතක් පතක් කියවන්නෙ නෑ, මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ නෑ, ප්‍රවීණයො අඳුනන්නෙ නැහැ.

හැබැයි පොඩි චරිතයක් රඟපෑවොත් පත්තරවල පිටු ගණන් පින්තූර විස්තර යනවා. ඔන්න ඕකයි අපේ රටේ කලාවට වෙලා තියෙන නස්පැත්තිය.'

 

DESHAYA