මට නළුවො මරන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද රටේ හැම ක්ෂේත්‍රයකටම දේශපාලනය කොහෙන් හරි ගෑවිලි තියෙනවා. වර්තමානයේ සිදුවන දේවල් එක්ක බැලුවත් ඕකෙ ලොකු වෙනසක් නැති බව පේනවා. අපි බලන රාමුවට පිටින් ඕනෑම සිද්ධියකට අදාළව විශාල ප්‍රමාණයේ රාමුව බැලුවොත් ඔය පාට පාට සම්බන්ධකම් හොඳටම පෙනේවි.2019-05-13-ent-106

අපේ රටේ කලාව ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි.අර ආණ්ඩුව බලයෙ ඉන්නකොට ඒ අයට විරුද්ධව හඬ නඟන නළු නිළියො රඟපාන ටෙලිනාට්‍ය රජයේ නාලිකාවෙ පෙන්නන එක තහනම් කළා. මේ ආණ්ඩුව ඇවිල්ලත් ඒකෙ කියන්න තරම් ලොකු වෙනසක් වුණේ නැති බව පේනවා.ඔන්න ඔය වගේ බලේ ඉන්න පාලකයො ප්‍රිය නොකරන චරිතයක් එක්තරා ටෙලිනාට්‍යයක ඉන්නවලු. නාට්‍යයත් හොඳයි, අධ්‍යක්ෂකත් හොඳයි. ඒත් අර නළුවා නිසා රජයේ නාලිකාවක් ඒක විකාශය කරන්න අදිමදි කරනවා.ඒ නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා දවසක් සුපර් මාකට් එකක භාණ්ඩ මිලදී ගන්නවා. වටේටම බඩු ආපු කට්ටිය. මෙයාගෙ ෆෝන් එක නාද වෙනවා. අර කියන නාලිකාවෙ ඉහළ නිලධාරියෙක්, ඔයාගෙ නාට්‍ය ගන්න අපි තීරණය කළා. හැබැයි ඔයා එක වැඩක් කරන්න ඕනෙ. කතාවෙ 10 වැනි කොටසට කලින් අර නළුවාව රට යවන්න ඕනෙ. නැත්තම් මරන්න ඕනෙ. 

පිස්සු කතා කරනවද? ඔය මහත්මයා හිතුවද මම පාතාලෙ කියලා. මට නළුවො මරන්න බැහැ. ඕගොල්ලො මගේ නාට්‍ය ගත්තත් එකයි නැතත් එකයි.., අධ්‍යක්ෂකවරයා ආවේගශීලීව කළ කතාව සුපර් මාකට් එකට ඇවිත් හිටිය මිනිස්සු ගොඩාක් කටවල් ඇරගෙන අහගෙන හිටියලු.  

 

► Text - Mithra

 

DESHAYA