මම නළුවෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-30-ent-18දුරබැහැර පෙදෙසකින් කොළඹට ඇවිත් තමන්ගෙ නළු හීනය සැබෑකරගත් කලා ශිල්පියෙක් නැවතිලා ඉන්නෙ හෝමාගම පැත්තෙ බෝඩිමක.

වසරකට වැඩි කාලයක් නැවතිලා හිටිය බෝඩිමෙන් අයින්වෙන්න කියලා හදිසියේම අයිතිකාරයෝ කියලලු.

මිනිහා දහඅතේ යනවලු, සුදුසු බෝඩිමක් හොයාගන්න. අන්තිමේදී වයස්ගත ජෝඩුවක් ඉන්න ගෙදරක කාමරයක් කුලියට දෙන බව ආරංචිවෙලා ඔහු එතැනට ගියාලු.

“මේ ළමයව කොහෙහරි දැකලා පුරැදුයි වගේ..” ඒ කතාවෙන් කොල්ලට පොඩි ගැම්මක් ආවලු.

“ඔව් මම නළුවෙක්... ටෙලිනාට්‍යවල ඉන්නවා. 7.30ට දැන් යන එකෙත් මම ඉන්නවා, ඒත් මම ඉන්න කෑල්ල දැන්ම යන්නෙ නැහැ...”

“නැහැ නැහැ පුතේ... අපේ ගෙදර ටීවී එකක් නැහැ, අපි ඔය ටෙලිනාට්‍ය බලන්නෙ නැහැ. හන්දියෙ එළවළු කඩයක් දාගෙන හිටියා ඔය වගේම ළමයෙක්.”

 

DESHAYA