මළගෙවල්වලට එන්න කාඩ් බෙදනවද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-09-ent-25මෑතකදී අභාවප්‍රාප්ත වූ එක්තරා කලා ශිල්පියෙකුගේ පුතෙකුට තම පියාගේ පරණ යාළුවෙක් ඊයෙ පෙරේදා දවසක හදිසියේ හමුවුණාලු.

“ආ කොහොමද අංකල්..?” ඒ තරුණ පුතා පියාගේ මිතුරාගෙන් ඇහුවලු.

“හා මාව අඳුරනවද?” ඔහු නෝක්කාඩුවට වගේ ඇහුවලු.

“ඇයි අංකල් එහෙම අහන්නෙ? අංකල්ව දන්නෙ අපි චූටිකාලෙ ඉඳලනෙ.”

“එහෙනම් ඒක වෙන්නැති තාත්තගෙ මළගෙදරවත් කිව්වෙ නැත්තෙ,” ඔහු තරමක අමනාපයෙන් කිව්වලු.

“ඒ වෙලාවෙ අපට එහෙම කිය කිය ඉන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නැහැ. අනික පත්තර ටීවීවල එහෙම ගියානෙ..”

“ඒ වුණාට එක වචනයක් ඕගොල්ලො කතා කරලා මට කිව්වෙ නැහැනෙ.”

“අනේ යන්න අංකල් යන්න. මළගෙවල්වලට එන්න අංකල් කාඩ් බෙදනකම් ඉන්නවද?”

අංකල් විදුලි වේගයෙන් එතනින් මාරුවුණාලු.

 

DESHAYA