මෙන්න නළුවො!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-20-ent-217වර්තමානයේ දක්ෂ තරුණ නළු නිළියන් හිටියට අපට බොහෝවිට ඇසෙන්නෙ ඉන් බොහෝ දෙනෙක් තම වෘත්තියට කැපවෙන්නෙ නැති එක ගැනයි.

කුමන වෘත්තියක නියැලී හිටියත් ඒ කරන දෙයට කැපවෙන්න බැරිනම් පැවැත්මක් නැතිබව අපට කියාදී තියෙන්නෙ ඉතිහාසය නොව සොබාදහමයි.

අපේ සිනමාවෙ අද සිටින ජ්‍යෙෂ්ඨ නළු නිළියො ප්‍රවීණත්වයට පත්ව සිටින්නෙ කැපවීම තුළින් බව කවුරුත් දන්නා කාරණයක්. ඒත් ඒ කැපවීම්වල දිග පළල අපි කවුරුත් හරියටම දන්නෙ නැහැ. ඒවා මතුවෙන්නෙ නොසිතූ විරූ වෙලාවකයි.

අපේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය පිළිබඳ එවැනි කටුක කැපවීම් දෙක තුනක් පසුගියදා ක්ෂේත්‍රයේ කතාබහකදී ඉස්මතු වුණා.

එක්තරා චිත්‍රපටයක සටන් දර්ශනයක් තාත්විකව ඉදිරිපත් කිරීමට සිදුවූ නිසා කළුතර පාලමෙන් ජලය පිරී ඉතිරී තිබුණු කළු ගඟට පනින්නට රන්දෙණිය මහත්තයට සිද්ධවුණාලු. වෙන කෙනෙක්නම් චිත්‍රපටයට ඕන කෙංගෙඩියක් වුණදෙන් කියලා ජීවිතේ බේරගෙන ගෙදර යනවා.

තවත් චිත්‍රපටයක ඔහුට ජරාජීර්ණ වුණු කාණුවක නාන්න වුණාලු. මුලදී ඒකට අකමැති වුණත් අධ්‍යක්ෂකගේ පෙරුත්තය මත වැඩේට ඔහු එකඟවෙලා. නමුත් එක කොන්දේසියක් උඩ. ඒකෙන් එළියට ආපු ගමන් ඔහුට නාන්න වතුර බවුසර් දෙකක්ම ලෑස්ති කරලා තිබුණලු. ඩෙටෝල්වලින් කටත් හේදුවා කියලයි ඇසින් දුටු සාක්ෂි පැවසුවේ.

මෙන්න නළුවො!

 

DESHAYA