මේ වගේ ලෙඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-09-ent-26අද සිග්නල් ලයිට් තියෙන හැමතැනකම, සිග්නල් වැඩ කළත් නැතත් අනිවාර්යයෙන්ම වෘත්තීය යාචකයන්ගේ නම් අඩුවක් නැති බව කවුරුත් දන්නවනෙ. ඒ ලෙඩේ බෝවුණේ බස්රථවල. අවුරුදු ගාණකට කලින් බස්රථවල බිස්නස් කරන හිඟාකන අයට විරුද්ධව නීතිමය කටයුතු සිදුකරනවායැයි කීවත් ඒ කියපු අයවත් අද හොයාගන්නට නැහැ. දවසින් දවස මේ කරදරයට මුහුණදීමට බස් මගීන්ට සිදුවෙලා. ඇතැම් සුපර් මාකට් තුළත් මෙවැනි අය සැරිසරනවා අද දැක තිබෙනවා.

මේ කියන්න යන්නෙ බත්තරමුල්ල පැත්තෙ ජනාකීර්ණ ප්‍රදේශයක පහුගිය දවසක ටෙලිනාට්‍යයක් රෑපගත කරන අතරතුර සිදුවූ අපූරු සිදුවීමක්.

තමා ගහකින් වැටී කකුලක් ඇඹරීගොස් ඇති බවත් එනිසා තම දරුවන්ට කන්න බොන්න දෙයක් හොයාගන්නට හිඟමන් යදින බවත් මැදිවයසේ මනුස්සයෙක් කියනවලු. ඒ වුණාට ඔහුගේ මුහුණ දැක්කම බොන්නෙ මොකක්ද කියලා තේරුම්ගන්න අපහසු වුණේ නැහැ.

“මේ වගේ ලෙඩක් දුකක් ඔබලා වැනි පින්වතුන්ට....” කියන අතරතුර ඔහුට කෙනෙක් රුපියල් 20 ක් දුන්නා. ඒ එක්කම ඔහු “වැඩි වැඩියෙන් ලැබේවා” කිව්වලු.

 

DESHAYA