රූපවාහිනිය එපා කරවන සිනමාකරුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-18-ent-92ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. නවක මූණු රැසක් සිනමාවට හඳුන්වා දී ඇති නිර්මාණකරුවෙකි.

පහුගිය දවසක ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගැනීම සඳහා වැඩමුළුවක් පැවැත්වූවා.

ඒ සඳහා සහභාගී වුණු හැමෝගෙන්ම ඔහු මුලින්ම ඉල්ලා හිටියේ තම තමන්ගේ ජංගම දුරකථන විසන්ධි කරන ලෙසයි.

ඉන් පස්සේ ඔහු පැය දෙකක දේශනාවක් කළා.

ඒ දේශනාවෙන් ඔහු කළේ තරුණ නවක නළු නිළියන්ට රූපවාහිනිය එපා කරවන එකයි.

‘රංගනය කියන්නේ ටෙලි නාට්‍යවල රඟපාන එක නෙවෙයි. ඕගොල්ලෝ හැමෝම උත්සාහ කරන්න ඕන සිනමා නළු නිළියෝ වෙන්න. ටෙලි නාට්‍යවල රඟපාලා තියෙන කිසිම කෙනෙක් මම මගේ නිර්මාණයකට ගන්නේ නෑ. ඉදිරියේදී ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අයටත් මමි කියන්නේ, මගේ නිර්මාණවලට ගෑවෙන්නවත් එපා.’

 

DESHAYA