වරු නළුවො නම් මරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-12-ent-90අපි ආසාවෙන් පුංචි තිරයේ දිගහැරෙන සමහර ටෙලිනාට්‍ය බැලුවට ඒවාට පසුබිම් වුණු කතන්දර ඇහුවොත් නම් පුදුම හිතෙයි. ඇස්වලින් කඳුළු පනියි. එහෙමත් නැත්නම් කේන්තියෙන් පුපුරයි.

මෑතකදී පැවති සම්මාන උළෙලකදී එක්තරා නිෂ්පාදකවරයෙක් ඔහුගේ අලුත්ම ටෙලිනාට්‍ය ඉවරකරන්න වින්ඳ දුක් කන්දරාව කිව්වම හිතුණා, ලංකාවෙ මේ වගේ කුහක, කපටි කලාකාරයෝ කියලා අයත් ඉන්නවද කියලා. ඇඩ්වාන්ස් අරගෙන ටෙලිනාට්‍යයේ රඟපාන දින ටිකත් වෙන්කරගත්තට පස්සෙ මේ වරු නළුවා කට්ටි පනිනවලු. ෆෝන් එකට එන්නෙ නැහැ, මොන ජාතියෙන්වත් හොයාගන්න බැරිලු.

අන්තිමේදී බොහොම අමාරුවෙන් කට්ටිය දම්මලා මෙයාව දර්ශනතලයට ගෙනල්ලා වැන්ඳෙ නැති ටික විතරලු වැඩේ ඉවරකරගන්න. ඔන්න බොලේ දැන් රිහසල් එකත් බලලා, සීන් එක රූපගත කරන්න ලෑස්තිවෙනකොට මෙයා කියනවලු අතට සල්ලි දෙනකම් සීන් එක කරන්නෙ නැහැයි කියලා.

මේක ලංකාවෙ කලා ශිල්පියෙක් ගැන කියන්නෙ හොඳේ.

ඉතින් අන්තිමේදී අර නිෂ්පාදකට සිද්ධවුණාලු තිරපිටපත ආයෙත් වෙනස් කරලා ඔහුව කතාවෙන් අයින් කරලා දාන්න.

මේ වගේ අය තමයි පිටරටින් නළු නිළියො ගෙනැවිත් අපේ නිර්මාණවල වැඩ කළාම කෑකෝ ගහගෙන අඳෝනා නඟන්නෙ.

 

DESHAYA