ශත 87කට ලියූ ඓතිහාසික ගිවිසුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-105අපි බොහෝවිට කතා කරන මාතෘකාවක්නෙ කලා ලෝකයෙ ප්‍රවීණයො නව පරපුරේ අය විසින් ගරු කිරීමකට ලක් නොවෙන එක.කලා ලොවේ නව පරපුරේ ඇතැම් ශිල්පීන් අපේ සමහර ප්‍රවීණයො හඳුනන්නෙවත් නැහැ, කියලයි සමහරු කියන්නෙ. වසර ගණනාවකට පෙර අපේ එක්තරා ජනප්‍රිය නළුවෙක්ව ඔහු ප්‍රිය කරන, ඔහු ගරු කරන ප්‍රවීණ සිනමාවේදියෙක් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකට තෝරාගෙන තිබුණා. එවැනි ප්‍රවීණයෙකුගෙ චිත්‍රපටයකට රඟපාන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද කියලා ඔහුට හිතුණා.

ඒ ප්‍රවීණයාට ඔහු විසින් කළ හැකි උපරිමය ලෙස ඔහු එම චිත්‍රපටයේ නොමිලේ රඟපාන්නට කැමති වුණා. ඒත් නිෂ්පාදක කණ්ඩායමේ ඇතැම් ප්‍රතිපත්තීන් නිසා ඔහුට ඒක කරන්න බැරි වුණා. අනිවාර්යයෙන් යම්කිසි මුදලකට ගිවිසුමක් අත්සන් කරන්නට ඔහුට සිදු වුණා.

ඔහු ගිවිසුමක් අත්සන් කළා, ශත 87කට. වසර ගණනාවක් ගතවී ඇතත් එම ඓතිහාසික ගිවිසුම තාමත් ජාතික චිත්‍රපට සංස්ථාව සතුව තිබෙන බවයි ආරංචිය.  

 

DESHAYA