සම්මාන උළෙලේ අපූරු සිදුවීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-06-ent-36ඇතැම් කලා සම්මාන උළෙලවල්වලදී අපූරු සිදුවීම් සිදුවෙනවා අප දැක තිබෙනවා. සම්මාන ලබා දීමේදී මෙන්ම ඇතැම්විට තිරයේ පිටුපස ද අපූරු සිදුවීම් අප දැක තිබෙනවා.

පසුගිය දවසක උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන උළෙලකදීත් එවැනි අපූරු සිදුවීමක් කාටත් දැක ගන්නට පුළුවන් වුණා.

සම්මාන ප්‍රධාන කිරීමට වේදිකාවට ආරාධනා ලැබ සිටියේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. එම අදියරේ සම්මාන අතරේ හොඳම ගීත රචකයාට හිමි සම්මානෙකුත් තිබුණා. නිර්දේශිත නාමයන් නිවේදනය කරනු ලැබුවා. හොඳම ගීත රචනයට මහාචාර්යවරයාගේ නමත් නිර්දේශ වෙලා තිබුණා. ඒත් සම්මානය ගියේ වෙනත් අයකුට. මහාචාර්යවරයා එම සම්මානලාභියාට හදවතින්ම සුභ පැතුවා.

මෙම සිද්ධියට පාදක වූ තවත් අපූරු සිදුවීමක් තමයි එම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සොයුරු තිලකරත්න කුරුවිට බණ්ඩාර කටයුතු කිරීම.

 

DESHAYA