ළඟින් ගියොත් ඇහැක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-01-ent-18අද කාලෙ යහමින් මුදල් හදල් තියෙන ව්‍යාපාරිකයෝ ඉන්නේ හරිම බයෙන් කියලා කලාවට සම්බන්ධ නිෂ්පාදකවරයෙක් පහුගිය දවසක කිව්වා. “අද සල්ලි තියෙනවා කියලා දැන ගත්ත ගමන් කලා ලෝකේ ඉන්න සමහර කට්ටිය කාන්දමක් වගේ ඇදිලා එන්නේ. ඒ අයගේ උපන් දිනවලට ආරාධනා කරනවා. දන්න හඳුනන නළු නිළියො හඳුන්වලා දෙනවා. වැඩකිඩ කෝටියයි.”

“සතියක් විතර ගියාම ටිකක් යාළු මිත්‍රකම් වැඩි වෙනවා. ඊට පස්සෙ අහනවා ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්න ආස නැද්ද කියලා. ලක්ෂ සීයක් තියාගන්න එච්චරයි. ලක්ෂ පන්සීයක් අතට එනවා. එහෙමයි කියන්නේ. ප්‍රධාන නිළියවත් හඳුන්වලා දෙන්න පොරොන්දු වෙනවා.”

“ඔන්න ඕකට ගොඩක් අය කියන්නේ ‘බලමුකො’ කියලනේ. නිනම් හරි එහෙනම් ඔයා හොඳ කතාවක් බලන්නකො කියලා කිව්වොත් උගුලට අහුවෙනවා. ඊළඟ දවසෙම කෝල් එකක් දීලා ලක්ෂ 15ක ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා. ඒ නිසා සිනමාවේදින්ගේ වේශයෙන් එන ජල්තරකාරයන්ගෙන් කවුරුත් පරිස්සම් වෙන්න ඕනේ.” ඒ නිෂ්පාදකවරයා කිව්වා.

 

DESHAYA